අද (27) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් සැප්තැම්බර් මස 26 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කළේය.
මෙම නඩුව ගොනුකර ඇත්තේ, රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව වේ.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිට ඇත.