2025 ජූනි 27 සිකුරාදා, 19:37
නවතම පුවත්

සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත – ඉක්මනින් සම්මත කරන්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින්, රජයෙන් ප්‍රබල ඉල්ලීම් කිහිපයක් සිදුකර තිබේ. ඊයේ (ජුනි 26) පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ, මෙරට ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට බඳුන් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වහාම අහෝසි කළ යුතු බවයි. එසේම, මෙම පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

සමාජ ප්‍රගතිය උදෙසා වැදගත් පියවරක් ලෙස, සමලිංගික විවාහය අපරාධයක් නොවන ලෙසට වූ පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ටර්ක් වැඩිදුරටත් කියා සිටියේය. ඒ අතරම, පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රකාශනයේ නිදහසට බලපෑම් ඇති කළ හැකි බවට මතුවූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අවලංගු කරන ලෙසද ඔහු රජයෙන් දැඩිව ඉල්ලා සිටියේය.

තවද, 2019 වසරේ සිදුවූ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කිරීම ධනාත්මක පියවරක් බව ටර්ක් පෙන්වා දුන්නේය. මෙවැනි සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා ආරක්ෂක හා පොලිස් ප්‍රතිසංස්කරණවල වැදගත්කම ද ඔහු මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය. ටර්ක් මහතාගේ මෙම සංචාරය සහ එහිදී සිදුකරන ලද ප්‍රකාශයන්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානය යොමුවී ඇති බවට පැහැදිලි සංඥාවක් ලබා දෙයි. රජය මෙම නිර්දේශයන් කෙරෙහි කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

“සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු කළ යුතුයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ණ කටයුතු යළි ආරාම්භ කිරිම ධනාත්මක පියවරක් බවද කිව යුතුයි.
තවද ආරක්ෂක සහ පොලිස් ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම වැදගත් වෙනවා”

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
ශිරන්තිගේ සහෝදරයා රක්ෂිත බන්ධනාගාරයට
එළැඹෙන ජූලි පළමු...
news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
රජය රෝහල් 130 ක ඔසුසල් පිහිටුවීමට යයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...

උණුසුම් පුවත්

news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...
555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...

දේශපාලන

news
ධීවර සංස්ථා දූෂණ නඩුවෙන් හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්...
Web image new template new (1)-Recovered-Recovered
රජය රෝහල් 130 ක ඔසුසල් පිහිටුවීමට යයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය...
Web image new template new (1)-Recovered-Recovered
NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකට ලක් වෙයි
ජාතික ජන බලවේගයේ...
Web image new template new (1)-Recovered-Recovered
රාජිත සේනාරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
අල්ලස් නඩුවකට අදාළව...

Categories