අගෝස්තු මස 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.ඊට අනුව ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු 7% ක්, රජයේ රෝහල්වල 4.5% ක්, පන්සල් සහ ආගමික ස්ථානවල 6.3% ක් වන ලෙස ජල ගාස්තු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.ඒ සමස්ත ජල ගාස්තු අඩු කිරීමේ සාමාන්‍යය 5.94% ක් වන පරිදියි.


