2026 ජූලි 29 බදාදා, 08:19
නවතම පුවත්

කෙහෙළිය ඇතුළු 12කට එරෙහිව අධිචෝදනා, “ඖෂධ මාෆියාවේ” තිරය ඉවත් වෙයිද?

රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවූ බවට චෝදනා එල්ල වන “ඖෂධ මාෆියාවේ” තවත් තිරයක් ඉවත් කරමින්, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද (ජුනි 26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය. චෝදනා 13කින් සමන්විත මෙම අධිචෝදනා පත්‍රය, රට තුළ ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

2022 වසරේ රට තුළ පැවති දරුණු ආර්ථික අර්බුදයට මුවාවී, ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වෙනස් කරමින් සෞඛ්‍ය අංශ විසින් ඖෂධ මිලදී ගැනීමක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වේ. මෙලෙස මිලදීගත් ඖෂධ වර්ග අතර තිබූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් (Human Immunoglobulin) නැමැති ප්‍රතිදේහ භාවිත කළ මහනුවර, මාතලේ සහ කොළඹ යන ප්‍රදේශවල රෝගීන් තිදෙනෙකුට සංකූලතා මතුවීමත් සමඟ මෙම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටලුකාරී තත්ත්වයක් මතු විය.

මෙම සිදුවීම පිළිබඳව ලැබුණු පැමිණිලි දෙකක් පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලදී. පසුව, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් ආරම්භ කෙරුණේ පුද්ගලයන් 12 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරමිනි.

සැකකරුවන් අතර, ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයුම්කරු වන සුදත් ජනක ප්‍රනාන්දු, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත ඇතුළු සෞඛ්‍ය අංශවල ඉහළ නිලධාරීන් පිරිසක් ද වේ.

නඩුවේ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදා හැරියද, පළමු සැකකරු වන ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයූ සැපයුම්කරු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.

පසුගිය ජුනි 19 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අවසන් වරට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කියා සිටියේ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිදුවීම සම්බන්ධයෙන් වසරකුත් මාස 8යි දින 6ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවයි.

ඒ අනුව, මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරිය විසින් පත් කර ඇති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රමුඛ විත්තිකරුවන්ට එරෙහිව අද අධිචෝදනා ගොනු කෙරිණි.

මහාධිකරණ විනිසුරුවරුන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම අධිචෝදනා ගොනු කිරීම සිදු විය. මෙම චෝදනා මූලික වශයෙන් එල්ල වී ඇත්තේ හියුමන් ඉමියුනොග්ලොබින් (Human Immunoglobulin) සහ රිටොක්සිමැබ් (Rituximab) නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙනි.

අධිචෝදනා පත්‍රයට අනුව, නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. මෙම නඩු විභාගය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ බවට චෝදනා එල්ල වන දූෂණ සම්බන්ධයෙන් සත්‍යය හෙළිදරව් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories