ජනාධිපති සමාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලැබ, වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළඹෙන ජූලි 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
අද (ජූනි 25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා යන අය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී.