අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22 දෙනෙකුගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නවක සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවකවධය ලබාදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම මුල් කරගනිමින් මෙම පංති තහනම් කිරීම සිදුකළ බවය.
මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව, තුන්වන සහ දෙවන වසරේ ඉංජිනේරු පීඨයේ සිසුන් 22 දෙනෙකුට මෙම පංති තහනම පනවා තිබේ. නවකවධය ලබාදීමේ සිද්ධියට අදාළව පොලීසිය විසින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර, නවකවධය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව පියවර ගෙන ඇත.