2026 ජූලි 31 සිකුරාදා, 17:27
නවතම පුවත්

බෝරා සමුළුවට සමගාමීව කොළඹට රථවාහන සීමා

බෝරා ආගම අදහන ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව අද (ජුනි 25) සහ ලබන ජුනි 27 සිට ජූලි 05 වැනිදා දක්වා කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී සහ බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුව සඳහා බෝරා ආගම අදහන බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බැවින්, පොලීසිය විසින් විශේෂ රථවාහන සීමා කිරීම් දැනුම් දී තිබේ.

අද (ජුනි 25) පෙරවරු 7:00 සිට රාත්‍රී 10:00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කෙරෙනු ඇත.

ලබන ජූනි 27 වැනි දින සිට ජූලි 05 වැනි දින දක්වා පෙරවරු 07:00 සිට පෙරවරු 11:30 දක්වා සහ පස්වරු 03:00 සිට රාත්‍රී 10:00 දක්වා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයේදී සමුළුව පැවැත්වේ. මෙම දිනවලදී වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කරනු ලබයි.

තවද, බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරමින්, ගාලු පාරෙන් ග්ලේන් ආබර් පෙදෙසට ඇතුළුවී මුහුදුබඩ මාර්ගයට ගමනාගමනය සිදු කිරීමට කටයුතු කරනු ලබන බවත් පොලීසිය සඳහන් කරනවා. බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුළු වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරෙනු ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories