2025 ජූනි 27 සිකුරාදා, 17:53
නවතම පුවත්

මැදපෙරදිග ජාතීන් ඉරාන ප්‍රහාර හෙළා දකියි

මැදපෙරදිග රටවල් කිහිපයක් කටාර් සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුර ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය හෙළාදැක තිබේ.

සවුදි අරාබිය, කටාර්, ඊජිප්තුව, ඉරාකය සහ ජෝර්දානය යන රටවල් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ (23) කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

කටාර් රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, කටාර්හි පිහිටි අල් උදෙයිඩ් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරය සාර්ථකව ව්‍යාර්ථ කළ බවයි.

ඉරානය විසින් මිසයිල ප්‍රහාර 12ක් අදාළ කඳවුර වෙත එල්ල කර ඇති අතර ඉන් 11ක්ම විනාශ කිරීමට හැකිවූ බව ඔවුන් පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ ප්‍රහාරය සිය රාජ්‍යයේ ස්වෛරීභාවය, ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව ද කටාර් රජය පෙන්වා දී ඇති බවයි.

පසුගිය සෙනසුරාදා දිනයේ අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර 3කට සිදුකළ පහරදීමට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

නවතම පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
අද (27) ජාතික ජන...
111
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි
පළමු වරට ජපානය විසින්...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...

උණුසුම් පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...
web 10
පක්ෂ විනය කඩවීමෙන් පුත්තලම නගර සභිකයෙකුට සජබෙන් රතු එළිය
පක්ෂ විනය කඩවීමෙන්...

දේශපාලන

Categories