ජනාධිපතිවරණ සමයේදී ලංකා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් මිලදී ගෙන රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් නියම කරන ලදී. මෙම සිද්ධියට අදාළව, එවකට ලංකා සතොස සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට ද බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවමක් නියම විය.
මේ සම්බන්ධයෙන් මහින්දානන්දගේ බිරිඳ සෙනානි ජයරත්න අලුත්ගමගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් ද පළ කර තිබුණි .
” හුදෙක් මගේ හෘදයසාක්ෂියෙන් නිදහස් වීම පිණිසම පමණක් මෙසේ සටහන් තබමි. දැන් ඉදින් ඔබ මට එල්ලා ගැසුවත් ගසා එල්ලුවත් කම් නැත; මට තවත් රිදෙන්නට තැන් නැත! “
මම
සෙනානි ජයරත්න අලුත්ගමගේ
මේ සමගම ඇය විසින් ලියන ලද සම්පූර්ණ කතාංගයක් ද මහින්දානන්ද අලුත්ගමගේ ගේ ෆේස්බුක් ගිණුමෙහි අමුණා ඇත . එය පහත සඳහන් වේ