2026 ජූලි 29 බදාදා, 04:30
නවතම පුවත්

පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩුවෙයි

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීමක් සලකා බලමින්, කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබේ. මෙම තීරණය ගනු ලැබුවේ, කාරක සභාවේ සභාපති, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූනි 20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව 2025 මැයි 23 දින ගත් තීරණයකට අනුව, 2025 ජූනි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000ක්ද, විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක්ද ආහාර සඳහා අය කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, මෙම මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම් කාරක සභාවේදී දීර්ඝ ලෙස සලකා බැලුණි. ඒ අනුව, විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 3,000ක්ද, විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,000ක්ද වශයෙන් අය කිරීමට මෙහිදී තීරණය කෙරිණි. මෙම නව මිල ගණන් එළඹෙන ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

පසුගිය මැයි 23 දින ගත් තීරණය පරිදි, පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගන්නා ගරු මන්ත්‍රීවරුන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ නිලධාරීන් සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර ගාස්තු තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇතැයිද කාරක සභාව තීරණය කර තිබේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories