2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:54
නවතම පුවත්

කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් – හිටපු ඇමතිවරු 6ක් CID දැලට!

කොළඹ සහ ඒ අවට පිහිටි ඉඩකඩම් මිල අධික ප්‍රදේශවල ඉදිකර ඇති නිවාස සංකීර්ණ සහ සුපිරි වෙළෙඳ සංකීර්ණ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ වී තිබේ. මෙය රටේ ප්‍රධාන පෙළේ විමර්ශන ආයතන දෙකක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) එක්ව සිදුකරන ඒකාබද්ධ මෙහෙයුමකි.

වාර්තා වන පරිදි, මෙහිදී වඩාත් අවධානයට ලක්ව ඇත්තේ අමාත්‍ය ධුර දැරූ හය දෙනෙකුගේ දේපළ හිමිකාරීත්වයයි. ඔවුන් විසින් කොළඹ, පාර්ලිමේන්තු මාවත අවට, කොල්ලුපිටිය සහ බම්බලපිටිය වැනි අතිශය මිල අධික ප්‍රදේශවල ඉදිකර ඇති සුපිරි වෙළෙඳ සංකීර්ණ සහ නිවාස සංකීර්ණ සඳහා රුපියල් කෝටි ගණනක් වැය කර ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී තිබේ. මෙම මිලදී ගැනීම් සඳහා භාවිත කර ඇති මුදල්වල නීත්‍යානුකූලභාවය පිළිබඳව මේ වන විට විමර්ශන නිලධාරීන්ගේ දැඩි අවධානය යොමුවී ඇත්තේ, මේ මුදල් උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳවයි.

විශේෂයෙන්ම, මෙම දේශපාලඥයන් මෙවැනි දැවැන්ත දේපළ හිමිකර ගැනීම සඳහා අවශ්‍ය මුදල් උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳව ගැඹුරින් සොයා බැලෙනු ඇත. ඔවුන්ගේ ආදායම් මාර්ග සහ දේපළවල වටිනාකම පිළිබඳව විස්තරාත්මකව සොයා බැලෙන බව විමර්ශන නිලධාරීහු සඳහන් කරති. මෙහිදී, මුදල් විශුද්ධිකරණය සහ නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකෙරෙනු ඇති.

මෙම පරීක්ෂණ අවසානයේදී, අදාළ දේශපාලඥයන් සහ සෙසු පුද්ගලයන් විසින් අත්පත් කරගත් දේපළ පිළිබඳව මූල්‍යමය තක්සේරුවක් සිදුකිරීමට නියමිතයි. එහිදී, ඔවුන්ගේ ආදායම් මාර්ග සහ මෙම දේපළ අත්පත් කරගැනීම අතර පවතින විෂමතා පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරනු ඇත.
මෙම ඒකාබද්ධ පරීක්ෂණය ඔස්සේ අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories