2025 ජූනි 21 සෙනසුරාදා, 21:00
නවතම පුවත්

මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්

මහනුවර ඇසළ පෙරහැරට අදාළ කටයුතු මේ දිනවල ශ්‍රී දළදා මාලිගාව සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව සිදුවෙමින් පවති. දළදා සමිඳුන්ගේ ආශිර්වාදයත්, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රත් පෙරටු කරගෙන මේ දැවැන්ත සංවිධාන කටයුත්ත සාර්ථක කර ගැනීමට සියලු දෙනාම කැපවී සිටින බවයි වාර්තා වේ. කෙසේ වෙතත්, මේ අසිරියට එක්වීමට සූදානම් වන පෙරහැර සංවිධානයට බලපාන ප්‍රධාන අභියෝගයක් ලෙස දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙන්වා දෙන්නේ, පෙරහැර සඳහා අවශ්‍ය අලි ඇතුන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් පැවතීමයි.

මීට වසර කිහිපයකට පෙර අප රටේ සිටි හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 200ක් පමණ වුවත්, එය මේ වන විට 96ක් දක්වා පහත වැටී ඇති බව දියවඩන නිලමේවරයා සඳහන් කළේය. මෙයින් පෙරහැර සඳහා යොදාගත හැකි අලි ඇතුන් සංඛ්‍යාව 50ක් පමණ වන බවද ඔහු වැඩිදුරටත් පැවසු අතර කන්ද උඩරට ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වීම සඳහා අලි ඇතුන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වන නිසා, මේ තත්ත්වය සංවිධායකයන්ට මහත් ගැටලුවක් වී තිබේ.

මේ අභියෝග මධ්‍යයේ වුවද, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළේ මෙවර කන්ද උඩරට ඇසළ පෙරහැර සාර්ථකව සංවිධානය කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවයි. පෙරහැරේ උත්සව කාලසටහනට අනුව, ජූලි මස 25 වන දින උදෑසන 6.05ට යෙදෙන සුබ මොහොතින් කප් සිටුවීමේ චාරිත්‍රයෙන් මෙවර ඇසළ පෙරහැර ආරම්භ වීමට නියමිතයි. දින පහක දේවාල පෙරහැරකින් අනතුරුව, පළමු කුඹල් පෙරහැර ජූලි මස 30 වන දින වීථි සංචාරය කිරීමට නියමිතයි. පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 04 වන දින ආරම්භ වන අතර, අවසාන මහ රන්දෝලි පෙරහැර අගෝස්තු මස 08 වන දිනට යෙදී ඇති නිකිණි පුන් පොහෝ දින රාත්‍රියේ පැවැත්වේ. මෙය පෙරහැරේ උච්චතම අවස්ථාවයි. අගෝස්තු 09 වන දින උදෑසන දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙන අතර, එදිනම දහවල් පෙරහැරද ශ්‍රී දළදා මාලිගාව වටා තෙවරක් පැදීමෙන් මෙවර ඇසළ පෙරහැර නිල වශයෙන් අවසන් වේ.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories