2026 ජූලි 29 බදාදා, 08:10
නවතම පුවත්

විනිසුරුවරුන්ට විශේෂ සෞඛ්‍ය රක්ෂණයක්: ජුනි 17 සිට ක්‍රියාත්මකයි

රජය විසින් සියලුම අධිකරණ විනිසුරුවරුන් සඳහා විශේෂ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙය ජුනි 17 වැනිදා සිට ක්‍රියාත්මකයි.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, මහාධිකරණ විනිසුරුවරුන්, සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් සහ කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් දැනුවත් කර ඇත්තේ, අවශ්‍ය නම් මෙම නව රක්ෂණාවරණය සඳහා ලියාපදිංචි වන ලෙසයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, විනිසුරුවරුන් 350කට අධික පිරිසකට මෙම නව සෞඛ්‍ය රක්ෂණාවරණය හිමිවීමට නියමිතය. මෙම රක්ෂණ ක්‍රමය පෞද්ගලික රක්ෂණ සමාගමක් හරහා ක්‍රියාත්මක වන අතර, 2025 ජුනි 17 සිට 2026 ජුනි 16 දක්වා කාලය සඳහා වලංගු වේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය පැවසුවේ, මෙම රක්ෂණාවරණය යටතේ රුපියල් ලක්ෂ 5ක වටිනාකමකින් යුත් සෞඛ්‍ය ප්‍රතිලාභ හිමිවන බවත්, බාහිර සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා උපරිම වශයෙන් රුපියල් 35,000ක් ආවරණය වන බවත්ය.

මෙම රක්ෂණ ක්‍රමය සඳහා දායක වන විනිසුරුවරයා වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් 75%ක් රජය විසින් දරනු ලබනවා. රක්ෂණය සඳහා ලියාපදිංචි වන සෑම විනිසුරුවරයෙකුම පළමු වාරිකය 2025 ජුනි මාසයේ වැටුපෙන් රක්ෂණ ආයතනය වෙත යොමු කළ යුතු අතර, ඉන්පසු සාමාජික කාඩ්පත නිකුත් කිරීමට නියමිතයි.

විශේෂත්වයක් ලෙස, විනිසුරුවරුන්ට තම කාලත්‍රයා සහ දරුවන් ද මෙම රක්ෂණ ක්‍රමයට දායක කරගැනීමට අවස්ථාව හිමිවනවා. ඒ සඳහා වන වාරික මුදල වාරික 4කින් ගෙවීමේ හැකියාවද පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories