2026 ජූලි 29 බදාදා, 05:06
නවතම පුවත්

අනතුරු ගෙනෙන අනවසර උපාංග ජූලි 1 සිට නෑ!

රථ වාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුවට නිවේදනය කරන්නේ, ජූලි 1 වැනිදා සිට වාහනවල අනවසර අමතර උපාංග සහ වෙනස්කම් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පටන් ගන්නා බවයි. මේ සම්බන්ධයෙන් මොන ප්‍රශ්න හෝ ගැටලු ඇති වුවත්, මෙම පියවර ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කළේය.

උත්සව සභාවක් අමතමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා අනතුරු ඇඟවූයේ, 2024 වසරේදී පදිකයන් 815 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මින් දෙවැනි වැඩිම සංඛ්‍යාව යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් බවත්ය.
“අනාගතය භාරගන්න ඉන්න වයස අවුරුදු 18ත් 28ත් අතර තරුණයින් 800ක් වසරකට ජීවිතක්ෂයට පත්වෙනවා. මේක ලොකු ඛේදවාචකයක්” ඔහු කියා සිටියේය.

පසුගිය වසරේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ මගින් මාර්ගයට නුසුදුසු වාහන 8,788ක් හඳුනාගෙන ඇති බව හපුවට මහතා සඳහන් කළේය. ගෙවී ගිය ටයර්, නිසි ලෙස ක්‍රියා නොකරන තිරිංග වැනි දෝෂ සහිත වාහන මාර්ගයේ ධාවනය වීම අනතුරුවලට ප්‍රධාන හේතුවක් වී ඇත.

පසුගිය කාලයේ මේ පිළිබඳව රටම දැනුවත් කර, වාහනවල සවිකර ඇති අනවසර ඉෂ්ට රූප (ස්ටිකර්, විසිතුරු සැරසිලි) ඉවත් කරන ලෙස දැනුම් දුන්නත්, බස් රථ සහ වෑන් රථ හිමිකරුවන් එයට අකමැත්ත පළ කර තිබේ. අධික ශබ්ද සහිත නලා, නිවි නිවී පත්තු වන විදුලි පහන් වැල්, සහ මාරක යකඩ පට්ටි වැනි අමතර කොටස් අනතුරකදී පදිකයාට හෝ මගියාට සිදුකරන හානිය බරපතළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories