පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට සිදු වූ හානියක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (ජූනි 17) පෙරවරුවේ සිට මෙම බාධා කිරීම් සිදුවන බවත්, මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමන් කිරීමට අපේක්ෂා කරන මගීන්ට අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවනු ඇති අතර, දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කරන තුරු විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන ලෙස ද දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.