2026 ජූලි 31 සිකුරාදා, 01:09
නවතම පුවත්

ඉන්දු-ලංකා ගිවිසුම් අධිකරණයේ විභාගයට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් (MOUs) බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම, අගෝස්තු 04 වැනිදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියෝග කර තිබේ. මෙය, දෙරට අතර සබඳතාවන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයටද බලපෑම් කළ හැකි තීරණාත්මක නඩු විභාගයක් ලෙස සැලකේ.

මෙම පෙත්සම අද දින එස්.තුරෙයි රාජා, මේනකා විජේසුන්දර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන්, පෙත්සම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා සති දෙකක කාලයක් සහ විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයාගේ එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල, විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට අවසර දුන් අතර, ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා ගොනු කිරීමට කටයුතු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියම කළේය. අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරන, පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඬුල්ල, අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වැනිදා කැඳවන ලෙස නියම කර තිබේ.

මෙම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම්වල නීත්‍යානුකූලභාවය සහ වලංගුභාවය පිළිබඳවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories