ඉන්දියාවෙන් වාර්තා වන පුවතක් අනුව, හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ, ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩ් හි ගුප්ත්කාෂි බලා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරයක් වනාන්තරයකට කඩා වැටීමෙනි. මියගිය අය අතර ගුවන් නියමුවාද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
උත්තරාකන්ඩ් සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව, මෙම සිදුවීම ඉන්දීය වේලාවෙන් අද අලුයම 5.20ට පමණ සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ නියමුවා ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු සිට ඇත. ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී තිබේ
අනතුරට පත් වූවන් අතර වැඩිහිටියන් පස් දෙනෙකු සහ එක් දරුවෙකු සිට ඇති අතර, ඔවුන් උත්තරාකන්ඩ්, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ප්‍රදේශවලින් පැමිණි අයයි.
තාක්ෂණික දෝෂ සහ අයහපත් කාලගුණික තත්ත්වයන් මෙම අනතුරට හේතුව ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.