2026 අගෝස්තු 01 සෙනසුරාදා, 19:27
නවතම පුවත්

MSC Elsa 3 නෞකාවේ විෂ ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළට!

ඉන්දියාවට ඔබ්බෙන්, කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ තිබූ අන්තරායකර බහාලුම් 13ක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි. මෙම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වන විටත් මෙරට වෙරළ තීරයන්ට ගොඩගසා ඇති අතර, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තත්ත්වය තවදුරටත් නරක අතට හැරිය හැකි බවට අනතුරු අඟවයි.

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එච්.එම්.බී. අබේකෝන් මහත්මිය මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළාය. “MSC Elsa 3 නෞකාවේ තිබූ අන්තරායකර බහාලුම් 13ක් පිළිබඳව අපට තොරතුරු ලැබී තිබෙනවා. දැනටමත් එම ද්‍රව්‍යවලින් කොටසක් අපේ වෙරළට ගොඩගසා තිබෙනවා. අයහපත් කාලගුණයත් සමඟ තව තවත් ද්‍රව්‍ය ගොඩගැසීමේ අවදානමක් පවතිනවා,” ඇය පැවසුවාය.

මෙම තත්ත්වය හමුවේ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පැවසුවේ වෙරළට ගොඩගසන ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු අද (ජුනි 13) සිට ආරම්භ කරන බවයි. “අපි අද සිටම මෙම ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරනවා. මේ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටිනවා,” ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට සහ සමුද්‍රීය පරිසරයට ඇති විය හැකි දිගුකාලීන බලපෑම් පිළිබඳව මේ වන විට පුළුල් අවධානයක් යොමුවී තිබේ. ආන්තරායකාරී ද්‍රව්‍ය හඳුනා ගැනීම, ඒවා ඉවත් කිරීම සහ පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories