2026 ජූලි 31 සිකුරාදා, 07:12
නවතම පුවත්

දෙසැම්බර් විදුලි බිල නොඉක්මවන බවට සහතිකයක්

රජයේ ස්ථාවරය වී ඇත්තේ විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතු බවත්, කෙසේ වෙතත් මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවති විදුලි ගාස්තු කිසිදු ලෙසකින් ඉක්මවා නොයන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළේය.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජයතිස්ස මහතා, “විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතුයි කියන ස්ථාවරයේ රජය ඉන්නවා. දෙසැම්බර් මාසයේ තිබුණු විදුලි බිලට වඩා, කිසිසේත් විදුලි බිල වැඩිවෙන්නේ නැහැ. කර්මාන්තවලටත්, ගෙවල්වලටත්, අනෙකුත් හෝටල් ක්ෂේත්‍රයටත්, දෙසැම්බර් මාසයේ ඔබ ගෙවූ විදුලි බිලට වඩා වැඩි නොවන විදුලි බිලක් ඔබට ලැබෙනු ඇත. ඒ වෙනුවෙන් රජය කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

මෙම ප්‍රකාශය මගින්, නිෂ්පාදන පිරිවැයට අනුව විදුලි ගාස්තු ගැලපීම සිදුවුවද, පාරිභෝගිකයින්ට දෙසැම්බර් මාසයට වඩා වැඩි බිලක් නොලැබෙන බවට රජය සහතිකයක් ලබා දෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories