මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින්ගේ ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබා ගැනීම සඳහා ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථානවලට පොලිස් ආරක්ෂාව තර කර ඇති බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරයි. පොලීසිය සඳහන් කරන්නේ, මෙම පියවර ගෙන ඇත්තේ, මෙම මධ්‍යස්ථාන වෙත එල්ල විය හැකි තර්ජන පිළිබඳව සැලකිල්ලට ගනිමින් බවයි .
පොලිස් වසම් කිහිපයක් තුළ පිහිටා ඇති මෙම චබාද් මධ්‍යස්ථානවලට, පවතින තර්ජනයන්ට සාපේක්ෂව, අදාළ පොලිස් ස්ථාන මගින් පැය 24 පුරාම ආවරණය වන පරිදි ආරක්ෂාව සපයා ඇති බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
තවද, දිවයිනේ රැඳී සිටින කවර හෝ විදේශීය ජාතිකයෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් තර්ජනයක් පවතී නම්, ඒ සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බවද අවධාරණය කර ඇත. ගෝලීය වශයෙන් මතුව ඇති සංවේදී තත්ත්වයන් හමුවේ, මෙරට තුළ විදේශීය ප්‍රජාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගන්නා පියවරක් ලෙස මෙය දැක්විය හැකිය. කෙසේ නමුත්, මෙම විශේෂ ආරක්ෂක විධිවිධාන පිළිබඳව සමාජය තුළ විවිධ අර්ථකථන හා කතාබහක් ඇති වී තිබීම ද විශේෂත්වයකි.