2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:35
නවතම පුවත්

අර්ථකථන දෝෂ මත දඬුවම් කළා – මහින්දානන්දගෙන් අභියාචනයක්

2015 ජනාධිපතිවරණ සමයේ කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් නීතිවිරෝධී ලෙස මිලදී ගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීමෙන් රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ, වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම අභියාචනය, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇත.

අභියාචක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ, අල්ලස් කොමිසම විසින් ගොනුකළ චෝදනාවලට තමන්ව වරදකරු කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ දඬුවම නීතියට පටහැනි බවයි. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම නඩු තීන්දුව ලබාදී ඇති බවත්, විත්තිය විසින් ඉදිරිපත් කළ ඇතැම් කාරණා නඩු තීන්දුව දීමේදී සැලකිල්ලට ගෙන නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව, තමන්ට එරෙහිව පැනවූ දඬුවම බලරහිත කර, සියලු චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසට මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නවතම පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

උණුසුම් පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories