දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද (03) ආරම්භ වුණා.
එරට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14,295කදී ජනාධිපතිවරණය සදහා දකුණු කොරියානු ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිය. පසුගිය වසරේ දෙසැම්බර් 03 වන දින හමුදා නීතිය ප්‍රකාශයට පත් කර රට පුරා නොසන්සුන්තාවක් ඇති කිරීම හේතුවෙන් මින් පෙර එරට ජනපති ලෙස කටයුතු කළ යූන් සුක් යොල් ඔහුගේ නිල රාජකාරී කාලය අවසන් වීමට පෙර ධුරයෙන් නෙරපා දැමුණු අතර විපක්ෂය විසින් ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහුව ධුරයෙන් පහ කරනු ලැබීය.
මෙවර ජනාධිපතිවරණයේ ඉදිරිපෙළ තරගකරුවන් වන්නේ කොරියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලී ජේ-මියුන්ග් සහ පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ යන දෙදෙනා බව වාර්තා වේ.