2025 ජූනි 04 බදාදා, 16:33
නවතම පුවත්

කොවිඩ් අවධානම නැවතත්! – PCR පරීක්ෂණ ‍රට පුරා

නව COVID – 19 ප්‍රභේදයෙන් එල්ල වන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින්, නව කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරිම වැඩි කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, උණ සඳහා ඇතුළත් වන හෝ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ නිරීක්ෂණ කටයුතු ඉහළ දමන ලෙස ද අමාත්‍යාංශය රෝහල්වලට උපදෙස් දී ඇති බවයි.

ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ, නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව ජනතාව මේ අවස්ථාවේ බියවිය යුතු නැතැත් එය මෙරටට පැමිණීමේ අවදානමක් නොමැති බව ප්‍රකාශ කළ නොහැකි බවය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු,

“අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුළු කණ්ඩායම් රැස් කරලා, ඊයේ තමා ප්‍රධාන සාකච්ඡාව පැවැත්වුයේ. අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ ජනතාව බිය වීමට තරම් කාරණයක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවට මේක එන්නේ නෑ කියලා. ආසියාවේ කොවිඩ් වැඩිවීමක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මහනුවර, ගාල්ල, ජාතික රෝහල් දෙකෙහි සහ PCR තියෙන රෝහල්වල PCR කරන එක වැඩි කරා. කොහොමත් තියෙනවා උණ ගැන අවේක්ෂණ පද්ධතියක්. එකක් භාහිර රෝගීන් සම්බන්ධයෙන්, අනෙක් එක අභ්‍යන්තර රෝගීන් සම්බන්ධයෙන්. ඒ දෙකම කරනවා. ඒ හරහා අපි කොවිඩ් තියෙනවා ද කියලා අපි හඳුනාගන්නවා. ඔබට උණ, හෙම්බිරිසාව හැදුණොත් මාස්ක් එකක් පාවිච්චි කරන්න ඒක අනිත් අයට හොඳයි.”

නව COVID-19 ප්‍රභේදය පිළිබඳ මෙරට තත්ත්වය අඛණ්ඩව හා සමීපව නිරීක්ෂණය කරන බවත්, සීමාවන් පැනවීම සිදු නොකරන බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ ය. ආසියානු රටවල ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් අවධානය යොමුකර තිබේ.

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...
web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories