මෙරට ක්‍රියාත්මක ප්‍රධාන අපරාධ කල්ලි 10ක් සමඟ පොදු ජනපෙරමුණ ,සමගි ජන බලවේගය, සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ප්‍රබල දේශපාලකයින් , සහ ප්‍රාදේශීය දේශපාලකයින් සම්බන්ධතා පවත්වන බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ඇති බවත් එම සම්බන්ධතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, එලෙස සම්බන්ධතා පවත්වන පිරිස් අත්අඩංගුවට ගන්නා අතර එම තොරතුරු පාර්ලිමේන්තුවට අනාවරණය කරන බවත්ය.
එසේම පාතාල කල්ලිවල අපරාධ වර්ධනය වීමට මෙම දේශපාලන සම්බන්ධතා දැඩිව බලපා ඇති බවත් ඔහු අනාවරණය කළේය.