2013 දී සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ප්රාදේශීය සභා බල ප්රදේශය තුළ ඉඩමක් විකිණීමේදී නිසි ක්රියා පටිපාටි අනුගමනය නොකර ඔප්පු නිකුත් කිරීම අනුමත කිරීමෙන් රජයට රුපියල් 373,000 ක පාඩුවක් සිදු කළ බවට වූ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්, පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලක මහතාව අත්අඩංගුවට ගැනුණි.
කෙසේවෙතත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙලෙස අද අත්අඩංගුවට ගත් මව්බිම ජනතා පක්ෂයේ ගම්පහ දිස්ත්රික් ප්රධාන සංවිධායක මිලාන් ජයතිලක, කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලි විසින් රුපියල් මිලියනයක ඇප මත මුදා හරින ලදී.