2026 ජූලි 31 සිකුරාදා, 16:26
නවතම පුවත්

වැල් පාලමේ 2/3 රනිල් එක්ක ගිය නිසා ඉතිරි 1/3 රනිල් එක්කම යනවා පවිත්‍රා කියයි.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නේ අද පවතින තත්ත්වයට රට ගොඩනැගුණේ රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම නිසා බවත් මේ වන විට වැල් පාලමේ තුනෙන් දෙකක් ගොස් අවසන් අතර ඉතුරු තුනෙන් එකද රනිල් වික්‍රමසිංහ මහතා සමඟ යනවා මිස අත්හදා බලන්න අලුතෙන් කෙනෙක් අවශ්‍ය නොවන බවත් මෙතන ඉන්න බහුතරයක් රනිල් මහත්තයා දිනවන්න වැඩ කරපු අය නෙවෙයි. හැබැයි අද අපි UNP එකයි ශ්‍රී ලංකා එකයි අපියි ඔක්කොම එක්කහුවෙලා රනිල් මහත්තයා දිනවනවා මිත්‍රවරුනි.ඇයි අපිට එහෙම දෙයක් කරන්න සිද්ධ වුණේ. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහමඟ මරල දැම්මා. ඒ වෙලාවේ අපේ රාජ්‍ය නායකයා රටින් ගිහිල්ලා. විපක්ෂ නායකතුමා, එතුමා හැංගිලා. මහ අස්ථාවර රටක්. පාර්ලිමේන්තුව අල්ලගන්න එන්න කියනවා. රාජ්‍යක් නෑ. රූපවාහිනිය අල්ලගන්නවා. මහ කණගාටුදායක තත්ත්වයකට අපේ රට පත්වුණා. කිලෝ මීටර ගණන් ගෑස් පෝලිම්.කිලෝ මීටර ගණන් තෙල් පෝලිම්. මේ වගේ තත්ත්වයකදී මං මේ රට භාරගන්නන් කියල රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වුණා. දැන් අපිට ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තොරණ ජන්දෙදි දෙන්නෙක් ඉදිරිපත් වුණා. එක්කෙනක් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා අනිත් කෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපේ පක්ෂය අපිට මොකද කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයට දාන්න කිව්වා. අකිල මල්ලිලා,ජානක ඇමැතිතුමන්ලා,අපි ඉස්සෙල්ලම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජන්දය දුන්නේ එතුමාට ස්වාධීනව පාර්ලිමේන්තුව ඇතුලේ. එතුමා ත්‍රස්තවාදය මැඩපවත්වල,ප්‍රජාතන්ත්‍රවාදය පූර්ණව ස්ථාපිත කිරීම නිසා තමයි අද ඔය බෝපගේලා ඉඳල සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඉඳල,අනුර දිසානායක මහත්තයාගේ ඉඳල හැමෝටම අද ජන්දේ ඉල්ලන්න පුළුවන් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම නිසා. IMF එක තරහ කරගන්න පුළුවන්. IMF එක කියනවා ඔවුන්ට පිටුපෑවොත් නැවත කිසිම දවසක ලංකාවට උදව් කරන්නේ නැහැ කියල. ඒ නිසා තමයි අනුර කුමාරත් කියන්නේ මට යන්න වෙන්නෙත් ඔය වැල් පාලමේම තමයි කියල. ඉතින් දෙයියනේ මේ වැල් පාලමෙන් තුනෙන් දෙකක් රනිල් වික්‍රමසිංහ මහත්තයා හරියට ගියා නම් ඉතුරු තුනෙන් එක ගෙනියන්න අත්හදා බලන්න අලුත් මිනිහෙක් ඕනෙද? ඒ නිසා අපේ පක්ෂය එදා ගත්ත තීන්දුවේ ඉතුරු කොටස,ඉතුරු තුනෙන් එක කරන්න තමයි අපි මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහය දෙන්නේ.” යනුවෙන් වන්නිආරච්චි මහත්මිය තවදුරටත් පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories