පෙහෙල්ගාම් සංචාරක කලාපයේ සංචාරකයින් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය මුල් කරගෙන පසුගියදා පාකිස්තානය සහ ඉන්දියාව අතර යුදමය වාතාවරණයක් නිර්මාණය වුණි. ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය අතර තාවකාලික සටන් විරාමයක් ඇති කරගත්තේ දෙරටේ ජනතාවට යම් සහනයක් උදාකරමිනි.
මේ අතර පාකිස්තානය වැනි ත්‍රස්තවාදය උඩුදුවා ඇති රටකට න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් නැති බව ඉන්දියාව පවසයි. ඒ නිසා එම අවි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය වෙත පැවරිය යුතු යැයි ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං වැඩිදුරටත් පවසා තිබේ.
ඇමරිකාවේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය අතර තාවකාලික සටන් විරාමයක් ඇති කරගත්තේ දෙරටේ ජනතාවට යම් සහනයක් උදාකරමිනි.
ඉන්දියාව යෝජනා කරන්නේ පාකිස්තානය සතු න්‍යෂ්ටික අවි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය වෙත පැවරිය යුතු ලෙසය. කෙසේ වෙතත් පාකිස්තානය මේ සම්බන්ධව තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.
එසේම පාකිස්තානය පෙහෙල්ගාම් ප්‍රහාරයට තමන් සම්බන්ධ බවට එල්ල වන චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කරයි.