ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කණ්ඩායම් අතර පැවති දෙවන එක්දින කාන්තා ක්‍රිකට් තරගය ලකුණු 15කින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් උනා. තරගය පැවැත්වුනේ අයර්ලන්තයේ බෙල්ෆස්ට් හීදී. පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 255ක් රැස්කලා. ලෙයා පෝල් ලකුණු 81යි. ඇමී හන්ටර් ලකුණු 66ක් ලබාගත්තා. පන්දු යැවීමේදී අචිනි කුල්සූරිය සමග කවීෂා දිල්හාරි කඩුළු දෙක බැගින් බිදහෙළුවා.
ලකුණු 256ක ඉලක්කයක් සදහා පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රැස්කරගනීමට හැකිවූයේ පන්දුවාර 48ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 240ක් පමණයි. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 105යි. කවීෂා දිල්හාරී ලකුණු 53ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ආර්ලීන් කෙලී ලකුණු 41 කට කඩුළු 3ක් බිදහෙළුවා.
ඒ අනුව තරග තුන්කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ අයර්ලන්ත ක්‍රීඩිකාවන් මේවනවිටත් ජය හිමි කරගෙන ඇති අතර ශ්‍රී ලංකාව ලබා ඇති මෙම පරාජය හමුවේ 2025 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා ඍජුව සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව ක්‍රිකට් විචාරකයින්ද සදහන්කර තිබෙනවා. දෙරට අතර මීළග තරගය හෙට පවැත්වීමට නියමිතයි. ඒ අයර්ලන්තයේ බෙල්ෆස්ට් හීදී.