2025 ජූනි 04 බදාදා, 23:16
නවතම පුවත්

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ඉපදිම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවන් පොහෝ දිනකය.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේද වෙසක් පොහොය දිනයේ බවයි ශාසන ඉතිහා‍සයේ දැක්වෙන්නේ.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්වාසී මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් හරසින් යුතුව සමරනු ලබයි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ධර්මානුකූලව සමරනු ලබනවා.

මේ අතර තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගනිමින් වෙසක් දිනය අර්ථවත්ව සැමරීමට කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි පැවසූහ.

ප්‍රතිපත්ති පූජා මුල්කරගනිමින් වෙසක් උත්සවය උසස් අන්දමින් සැමරීමට පියවර ගත යුතු බව මල්වතු පාර්ශයේ මහාලේඛකාධිකාරී පුජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමි සඳහන් කළේය.

වෙසක් කාලය තුළ ලක්වාසී මෙන්ම ලෝවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බුදුන් වහන්සේ පෙන්වු ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කළ යුතු බව රාමඤ්ඤ මහ නිකායේ මහනායක පූජ්‍ය මකුලෑවේ විමල හිමි සඳහන් කළේය.

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...
web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories