අත්‍යවශ්‍යම කටයුත්තකට හැර විදේශ ගතවීමෙන් වලකින්නයි ආණ්ඩුව සහ විපක්ෂයේ නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.මන්ත්‍රීවරුන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට උපරිම වශයෙන් දායක කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි පක්ෂ ආරංචි මාර්ග පවසයි.මේ අතර ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දිනකට සීමා කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම ලබන 21 වැනිදා පමණක් සිදුවේ.සිය ගම්බිම්වල රැඳෙමින් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට උපරිම වශයෙන් දායක වන්නේ පක්ෂ නායකයන් මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත.