මාතර කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල තුළ සැප්තැම්බර් පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම රෝහලේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.එමෙන්ම මාතර මහ රෝහලේ සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළ ඒකකය සඳහා සුදුසු පරිදි අනුයුක්ත කරන ලෙසද උපදෙස් ලබාදිය ඇත.