තමන්ට බහුතරය හිමිව නොමැති කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට විපක්ෂයට කිසිසේත් ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගය පවසනවා.
අමාත්‍ය බිමල් රත්නායක රූපවාහිනී දේශපාලන වැඩසටහනට එක් වෙමින් සඳහන් කළේ එම සභාවල සුළුතර ආණ්ඩු පිහිටුවීම සඳහා විපක්ෂය විසින් ජාතික ජන බලවේගයට ඉඩ ලබා දියයුතු බවයි.
එසේ නොමැති වුවහොත් විපක්ෂයේ පක්ෂ එක්ව බලය පිහිටුවීමට දරණ උත්සාහයට නිසැකවම බාධා කරන බව අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.