2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:28
නවතම පුවත්

මාළිමාව සීයට 43.55ක් ලබාගෙන පුංචි ඡන්දයේ පෙරමුණට

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ මේ දක්වා නිකුත් කර ඇති නිල ප්‍රතිපල අනුව ජාතික ජනබලවේගය ඉදිරියෙන් පසුවේ.

මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති නිල ප්‍රතිපල අනුව එම පක්ෂය මේ වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලවලින් සියයට 43.55% ක ප්‍රතිශතයක් හිමිකර ගෙන සිටියි.

එම ප්‍රතිශතය සංඛ්‍යාත්මක ලෙස ඡන්ද 3,396,087 කි.

එමෙන්ම මේවනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපල අනුව මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා ජාතික ජනබලවේගයේ සභිකයින් 3,323 දෙනෙකු තේරී පත්ව සිටියි.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රකාශිත ප්‍රතිපල අනුව ජාතික ජනබලවේගයට පසුව වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගෙන සිටින්නේ සමගි ජනබලවේගයයි.

ප්‍රකාශිත ප්‍රතිපල අනුව එම පක්ෂය මේවනවිට ඡන්ද 1,645,898 ක් හිමි කර ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 21.11% කි.

එම පක්ෂය මේ දක්වා හිමිකර ගෙන ඇති පළාත් පාලන ආයතන සභික ධූර ගණන 1,465 කි.

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ මේ දක්වා නිකුත් කර ඇති නිල ප්‍රතිපල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 754,538 ක් හිමිකර ගෙන සිටින අතර එය ප්‍රතිශතයක් ලෙස 9.59 ක් වේ.

පළාත් පාලන ආයතන සඳහා මේවනවිට එම පක්ෂයෙන් සභිකයින් 645 දෙනෙකු තේරී පත්ව ඇත.

එමෙන්ම මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රකාශිත ප්‍රතිපල අනුව එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 351,250 ක් හිමිව තිබේ.

එහි ප්‍රතිශත අගය 4.53% ක් ලෙස දැක්වේ. හිමිව ඇති සභික ධූර ගණන 320 කි.

ඊට අමතරව සර්ව ජනබලය පක්ෂයට ප්‍රකාශිත ප්‍රතිපල අනුව 210,998 ක ඡන්ද ප්‍රමාණයක් හිමිව ඇති අතර එහි ප්‍රතිශත අගය 2.78% ක් ලෙස දැක්වේ.

මේවනවිට එම පක්ෂයට හිමිව ඇති සභික ධූර ගණන 188 කි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories