ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (04) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවත් අද (03) පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (04) දිනය සඳහා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කරයි.