පසුගිය රජය සමයේ චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර නැව සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව, ඉදිරි දින දෙක ඇතුලත රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ඇති බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් දැනටමත් අදාළ පරීක්ෂණ සඳහා කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.
මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන්නේ අදාළ පොහොර නෞකාව ශ්‍රී ලංකාවට ගෙන්වීම හරහා විශාල මුල්‍ය වංචාවක් සිදු වූ බවට එල්ල වූ චෝදනා මතය.