2026 ජූලි 31 සිකුරාදා, 20:04
නවතම පුවත්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙන ආකාරය

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේදී, ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානයේදීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.
ඒ අනුව, මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන නිසා, ඒ ඒ පළාත් පාලන ආයතන සතුව කොට්ඨාස කිහිපයක් බෙදී ඇති බැවින්, ඒ එම ඡන්ද මධ්‍යස්ථානයේ දුර සහ පිහිටීම අනුව ඡන්ද ගණනය කිරීම සඳහා යම් පියවර ගෙන ඇති බවයි අද (02) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.

එක් කොට්ඨාසයක් තුල ඇත්තේ එක් ඡන්ද මධ්‍යස්ථානයක් නම්, අනිවාර්යයෙන්ම ඒ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණන් කිරීම සිදු කර ප්‍රතිඵලය ඒ ස්ථානයේදීම ප්‍රකාශයට පත් කරන බවත්, එක් කොට්ඨාසයක් තුළ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් ඇති නම්, සමහර ස්ථානවල ඡන්ද පොලේදීම ඡන්දය ගණන් කර, ඡන්දය ගණන් කර ප්‍රතිඵල ලේඛණය පමණක් කොට්ඨාසයේ ඇති ප්‍රතිඵල ප්‍රකාශ කිරිමේ ප්‍රධාන මධ්‍යස්ථානයට ගෙන එන බවත් ඔහු පවසා සිටියා.

තවත් ක්‍රමයක් ලෙස, කොට්ඨාසය තුළ ඇති සියලුම ඡන්ද පෙට්ටි පස්වරු 4.00න් පසු ප්‍රතිඵල නිකුත් කරන මධ්‍යස්ථානයට රැගෙන විත්, වෙන වෙනම ගණන් කර, ඒ මධ්‍යස්ථානයේදී කොට්ඨාසයේ ප්‍රතිඵලය සකස් කරන බවයි සභාපතිවරයා පවසන්නේ.
දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති එක් එක් පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථානවලදී ප්‍රතිඵල සියල්ල එක් කර පළාත් පාලන ආයතනයේ මුළු ප්‍රතිඵලය සකස් කරන බවත්, එහිදී එක් එක් දේශපාලන පක්ෂය ලබා ගත් ආසන සංඛ්‍යාව, සමානුපාතික නියෝජනය යටතේ එක් එක් දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ලැබිය යුතු මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය වනවා.

ඉන් අනතුරුව ඒ පළාත් පාලන ආයතනයේ අවසන් ප්‍රතිඵලය සකස් වන බවත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් එය අනුමත කිරීමෙන් අනතුරුව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories