2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:52
නවතම පුවත්

සබරෙ සිසුවාගේ මරණයට හේතුව නවක වදය බවට දෙමාපියන්ගෙන් පැමිණිලි .

සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවාගේ සිය දිවි නසා ගැනීම විශ්ව විද්‍යාලය තුළ සිදුකළ නවක වදය හේතුවෙන් සිදුවූ බවට චෝදනා කරමින් ඔහුගේ දෙමාපියන් සහ ඥාතීන් පුස්සැල්ලාව පොලිසියට පැමිණිල්ලක් ගොනුකර ඇත .

ගම්පොළ අටබාගේ , ඉහළගම පදිංචිව සිටි විසි තුන් හැවිරිදි සිසුවා අප්‍රේල් 29 වන දින හදිසියේ නිවසට පැමිණ නිවස පිටුපස ගසක එල්ලී සියදිවි හානි කරගෙන තිබේ .

සියදිවි නසා ගැනීමට පෙර ඔහු තම මවගේ සහෝදරියට තමන්ට විඳින්නට සිදුවූ වේදනාකාරී අත්දැකීම් පවසා තිබූ බව දෙමාපියෝ පැවසූහ . ඔහුගේ විශ්ව විද්‍යාල සගයන් කිහිප දෙනෙක් මාධ්‍ය වෙත පවසා සිටියේ මෙම සිදුවීම් සම්බන්ධව සමනළ වැව පොලිසියට පැමිණිල්ලක් ගොනු කළ බවයි .

අදාළ සිද්ධියට වගකිවයුතු යැයි සැක කෙරෙන සිසුන් විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය ලබන මියගිය ශිෂ්‍යයා ඇතුළු සිසුන් පිරිසකට නවක වදය ලබා දීම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව එම සගයෝ පැවසූහ . ගම්පොළ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිල ද මෙල් විසින් පවත්වන ලද මරණ පරීක්ෂණයේදී වින්දිතයා විසින් ලියන ලද සියදිවි නසා ගැනීමේ සටහනක් සටහනක්ද ඉදිරිපත් කරන ලදී .

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories