තේ බොන කෝප්පයයි මැතිවරණ වියදම් ලැයිස්තුවයි රැගෙන මාධ්‍ය හමුවට පැමිණ ජනක රත්නායක මහතා ප්‍රකාශකර සිටියේ මේ මැතිවරණය ඉතා විශේෂයි,රටේ ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ තුන්වේල සරි කරගන්න බැරි ජනතාව විශාල පිරිසක් ඉන්නවා,දැන් අපේක්ෂකයන් තමන්ගේ ප්රචාරක කටයුතු සදහා ජනතාව වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා, මම එක් පුරවැසියෙක්ට වියදම් කරන්නේ රුපියල් 20 ක් පමණයි.මම වියදම් කරන්නේ මගේ සල්ලි පමණයි.ලංකාවේ 40% ක් පමණ තුන්වේල කන්න බැරි ජනතාව ඉන්නවා, මේ වියදම් කරන සල්ලි ජනතාවට දෙන්න කියලා මම කියනවා.ඒ නිසා රැලි වලට එන ජනතාවට දෙන මුදල රුපියල් 10000 දක්වා වැඩි කරන්න කියලා මම යෝජනා කරනවා.මේ අපේක්ෂජයෝ මේ සල්ලි වියදම් කරන්නේ කොහොමද ? මේ සල්ලි ලැබුනේ කොහෙන්ද ? මේවට බදු ගෙව්වද කියලා මම අහනවා.මේ අපේක්ෂකයෝ මේ වියදම් කරන සල්ලි සම්බන්ධයෙන් මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.මේ දේශපාලකයෝ හොරාකාපු සල්ලි.
ජනතාව මේ දේශපාලකයන්ට චන්දේ දෙනවා නම් ජනතාව කරන්නේ ලොකු වරදක්.ජනතාව හරි කෙනාට චන්දේ දෙන්න ඕන.මේ ක්‍රමය තමයි ලංකාවේ නිර්ලජ්ජිත දේශපාලනය.මේ ක්‍රමය වෙනස් කරන්න ඕන.රට ඉදන් එන සල්ලි හොයන්න ඕන.ඩොලර් 100 ක් වත් නිකන් එවන්න බෑ, දැන් දේශපාලන පක්ෂ විකුණණවා, කොමිස් ගහනවා, මේ ක්‍රමය වෙනස් කරනවානාමල් සජිත් අනුර කියන්න ඕන මේ වියදම් කරන සල්ලි ආවේ කොහෙන්ද කියලා.මේවට ජනතාව විරුද්ධ වෙන්න ඕන.