අක්මීමන ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔහු මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති බවද සඳහන් වේ..
සැකකරු විසින් ගාල්ල උණවටුන මැටරඹ ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරු කළමණාකරු වශයෙන් සේවය කරන හෝටලය පවත්වාගෙන යාමට අවශ්‍ය 2025 වසර සඳහා වූ වෙළෙඳ බලපත්‍රය ලබාදීමේ කටයුතු සිදුකිරීම වෙනුවෙන් රුපියල් 25,000/-ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව අල්ලස් කොමිසමට පැමිණිලිකරු විසින් කරන ලද පැමිණිල්ල අනුව ඊයේ (30) අදාළ පැමිණිලිකරුගේ හෝටල් කාමරයක් තුළදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.