වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 22ක් මේ වනවිට වාන් දමමින් ඇති බවත් ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය හා කන්තලේ ඇතුළු වැව් හා ජලාශ ඒ අතර වන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එසේම මධ්‍ය පරිමාණ වැව් හා ජලාශ 13ක් ද වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.