2025 අගෝස්තු 16 සෙනසුරාදා, 14:47
නවතම පුවත්

චීන පටස් හැපූ දන්ත වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකයට

චීන පටස් එකක් හැපීමට ගිය දන්ත වෛද්‍යවරියක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූ වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළෙඳසැලකින් චීන පටස් කිහිපයක් මිලදීගෙන තිබූ අතරේ එයින් කිහිපයක් ඉතිරිව නිවසේ සාලයේ මේසය මත තබා ඇති අතර මේ කුමක්ද යන්න සොයාබැලීම සඳහා දන්ත වෛද්‍යවරිය දත්වලින් සපා එය පරීක්ෂා කිරීමට යෑමේ දී එය පුපුරා ගොස් මෙලෙස බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. ‘චීන පටස් එක’ ඇයගේ මුඛය තුළම පුපුරා යාමෙන් මුඛය, මුහුණ සහ දත්වලට බරපතළ තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි රජයේ රෝහලක රාජකාරී කරන දන්ත වෛද්‍යවරියක බව පොලීසිය පවසයි.

බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

පානදුර කොට්ඨාස අපරාධ අංශ නිලධාරීන් සහ ස්ථානීය පරීක්ෂණාගාර නිලධාරීන්ද පිපිරීම සිදුවූ නිවස වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි.

නවතම පුවත්

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories