2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 10:26
නවතම පුවත්

ගොවිබිමට පුනරුදය ඇරඹෙයි

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය වන ‘ගොවිබිමට පුනරුදය’ අද (29) නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙහිදී අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ගොවි සංවිධාන 1,000ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 1,000ක් සලකා බලා, එම පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ තුලින් අපි බලාපොරාත්තු වෙනවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමග සම්බන්ධවෙලා ඉන්න ගොවි සංවිධාන 1,082ක් අතරින් ගොවි සංවිධාන 1,000කට ව්‍යාපෘති 1,000ක් සඳහා මිලියන 1,000ක් වෙන් කරමින් ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා ගොවි බිම ආශ්‍රිතව තියෙන විවිධ නවීකරණ කටයුතු, පුනරුප්ථාපන කටයුතු සහ නඩත්තු කටයුතු සඳහා මුදල් වෙන් කරන්න.

මහවැලි අධිකාරිය සමග සම්බන්ධ වෙලා ඉන්න ගොවි සංවිධානවලින් අපි යෝජනා ලබා ගත්තා ඔවුන්ගේ ගොවි බිමේ විය යුතු වැඩ මොනවාද කියලා. ගොවි සංවිධාන 1,000කින් අපිට යෝජනා ඇවිල්ලා තියෙනවා ගොවි බිමේ ඇල වේලී ඉදි කිරීම්, කෘෂි මාර්ග ඉදි කිරීම් සහ වෙනත් ඔවුන්ට කරගන්න බැරිවෙලා තියෙන වැඩ සඳහා යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සඳහා ඇස්තමේන්තු දැන් සකස් කෙරෙමින් පවතිනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගොවි සංවිධාන 1,000කට උපරිමය මිලියනය බැගින් මිලියන 1,000ක් වෙන් කරන්න.

මේකේ විශේෂත්වය තමයි මේක කරන්නේ ගොවි සංවිධානවලින් ඒ මුදල් ගොවි සංවිධාන වෙත ප්‍රදානය කරනවා.

අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කටයුතු ඉවර වුණාට පස්සේ මැයි 15 වැනිදා සිට මේ කොන්ත්‍රාත් ප්‍රදානය ලබා දෙන්න. ගොවිබිමට පුනරුදයේ තාක්ෂණික කටයුතු මේ දිනවල සිදුවෙනවා”

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories