රුපියල් පනස් හය ලක්ෂයකට ගජ මුතු දෙකක් විකිණීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනකු ජාඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගනේමුල්ල , හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරනවා. මෙම ගජමුතු මොවුනට ලැබුණු ආකාරය පිළිබඳව විමර්ශන සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.