2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:53
නවතම පුවත්

ආරක්ෂක අංශ පවරා ගත් සියලු ඉඩම් නැවත ජනතාවට – ජනපතිගෙන් පොරොන්දුවක්

යුද සමයේදී ආරක්ෂක අංශ වෙත පවරා ගත් සිවිල් ජනතාව සතු සියලු ඉඩම් නැවත නිදහස් කර ජනතාව වෙත මුදා හැරීමට පියවර ගන්නා බව, ජාතික ජන බලවේගය විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ යුද සමයේ විනාශ වූ නිවාස යළි ඉදි කර ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව සහය වන බවත් යුද සමයේ කිලිනොච්චිය ප්‍රදේශයේ වසා ඇති මහාමාර්ග යළි විවෘත කිරීමටද පියවර ගන්නා බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපි දන්නවා ආරක්ෂක හේතූන් මත ජනතාවගේ ඉඩම් හමුදාව වෙත පවරගෙන තියෙනවා. අපි එම හමුදා නිලධාරීන් එක්ක, හමුදාපතිවරුන් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. නිදහස් කරන්න පුළුවන් හැම බිම් අඟලක්ම ආපහු ජනතාවට දෙන්න අපි කටයුතු කරනවා.

ඒ විතරක් නෙමෙයි සමහර ඉඩම් පාරම්පරිකව වගා කරපු ඉඩම් ගූගල් මැප් එක දිහා බලලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවර ගත්තා. ඒවා මේ ප්‍රදේශයේ වගා කළ ඉඩම්, ජනතාවගේ ඉඩම්, ඒවා නැවත නිසි පරික්ෂාවකින් අපි ලබා දෙන්න කටයුතු කරනවා.

ඒ වගේම තවත් පාරවල් කිහිපයක් වහලා තියෙනවා. කොළඹ ජනාධිපති මන්දිරය ඉස්සරහා කොළඹ පාර ඇරලා තියෙන්නේ. අරලියගහ මන්දිරය ඉස්සරහා පාරවල් ඇරලා තියෙන්නේ. මොකටද කිලිනොච්චියේ පාරවල් වහලා තියෙන්නේ. ඒ හැම පාරක්ම ජනතාවට ගමන් කරන්න පුළුවන් ආකාරයට අපි විවෘත කරනවා. දැනටමත් අපි යාපනයේ පාරවල් විශාල ප්‍රමාණයක් යළි විවෘත කරලා තියෙනවා. අපි මේ රට සාමාන්‍ය තත්ත්වයට ගේන්න ඕනේ.

ඒ වගේම අපි හඳුනගෙන තියෙනවා යුද්ධය හේතුවෙන් නිවාස අහිමි වුණු. නිවාස හදාගන්න වත්කමක් නැති විශාල පිරිසක් මේ උතුරේ ඉන්න බව. ඒ සියලු දෙනාට නිවාස ඉදිකර ගැනීම සඳහා අපේ ආණ්ඩුව සහය දෙනවා.”

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories