ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා කන්‍යා සොයුරියක් ප්‍රොටෝකෝලය කඩ කර තිබිණි .
ශාන්ත පීතර බැසිරිකාවේ තබා තිබූ පාප් වහන්සේගේ දේහයට අනෙකුත් සියල්ලන් නීතිරීති අනුගමනය කරමින් අවසන් ගෞරව දැක්වුවද ප්‍රංශ ජාතික ජෙනීවීයෙව් කන්‍යා සොයුරිය පාප් වහන්සේගේ විවෘත මිනී පැටියේ අසල මිනිත්තු කිහිපයක් සිටගෙන සිටියාය .
82 හැවිරිදි මෙම කන්‍යා සොයුරිය පාප් වහන්සේගේ සමීප මිතුරියක් වූ අතර නිතර උන්වහන්සේ බැහැ දැකීමට ද පුරුදුව සිටියාය
ජෙනීවීයෙව් ජෙනින්රෝස් LGBTQ ප්‍රජාව වෙනුවෙන් කර සේවය නිසාද ප්‍රසිද්ධය .
පාප් වහන්සේගේ සිරුර අසල ඇතුළු වීමට තහනම් ප්‍රදේශයට මහජනතාව ඇතුළු වීමට පෙර ඇතුලු වී ඇය කඳුළු සිය මිතුරාට අවසන් ගෞරව දක්වා තිබිණි .