පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා, සෑම අයෙකුටම ආයතනය විසින් නිවාඩු ලබා දිය යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
එසේ ලබාදෙන නිවාඩු කාල සීමාව, වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර, එය සේවා නියුක්තියන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් බාහිර විය යුතු බවත් ඡන්දය ලබාදීමට යැම සඳහා පැය දෙකකට නොඅඩු කාලයක් අදාළ සේවකයාට පඩි සහිත නිවාඩු ලබාදිය යුතු බවයි ද අදාළ නිවේදනයේ දැක්වේ.
සෑම සේවකයෙකුටම ඡන්දය සඳහා අදාළ නිවාඩු කාලසීමාව, එම සේවකයාගේ කාර්යාලය සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත නිගමනය කළ යුතුයි.
ඒ අනුව,
කිලෝමිටර් 40 හෝ ඊට අඩු – දින භාගයක්
කිලෝමීටර් 40 -100 අතර – එක් දිනයක්
කිලෝමීටර් 100 – 150ත් අතර – දින 1 1/2ක්
කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක්
ලෙස නිවාඩු ලබා දිය යුතු බවයි වැඩිදුරටත් දක්වා ඇත්තේ.