පළාත් පාලන මැතිවරණයේ ඡන්ද දායකයාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරන අනිසි බලපෑම් පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණ විසින් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන ලද ලිපියට පිළිතුරු ලෙස, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග වදින අනෙකුත් දේශපාලන පක්‍ෂ කණ්ඩායම්වලට අගතියක් නොවන පරිදි ක්‍රියා කරන ලෙස ගරු ජනාධිපතිතුමන් දැනුවත් කරන මෙන් ඉල්ලා ජනාධිපති ලේකම් වෙත ලිපියක් අතිරේක මැතිවරණ කොමසාරිස් විසින් යොමු කර තිබේ.