2026 ජූලි 31 සිකුරාදා, 01:04
නවතම පුවත්

නොදැනුවත්කම නිසා ජලභීතිකා රෝගයේ වර්ධනයක්

ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බවය.

“දැනුවත්කම මදභාවය නිසාම තමා ජලභීතිකාව නිසා සිදුවන මරණ සිදුවෙන්නේ. ගිය අවුරුද්ද වෙනකොට අපිට ඊට කලින් අවුරුද්දට වැඩිය මරණ සංඛ්‍යාව භාගයකට අඩුකරගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මේ අවුරුද්දේ දැනටමත් මරණ 11ක් විතර වාර්තා වෙනවා. මේ සියලුම මරණ සිදුවෙලා තියෙන්නේ අපි දෙන ප්‍රතිකාර නිසිලෙස සිදුනොකිරීම නිසයි. ලංකාවේ දැනට රජයේ රෝහල් 300ක විතර ඇන්ටි රේබීස් වැක්සින් එක ලබාදෙනවා. වඩා උග්‍ර සපාකෑමට ලක්වූ අවස්ථාවක ඊට අදාළ එන්නතත් රෝහල් 100ක පමණ ලබාදෙනවා. මේක නොමිලේ ලබාදෙන්නේ. අපි කළ යුත්තේ සපා කෑමකට ලක්වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමයි.”

ජලභීතිකාව බෝවීම සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා මෙලෙස අදහස් පළ කළේය.

“බොහෝ විට මෙය බෝවෙන්නේ ජලභීතිකාව බෝකළ හැකි ක්ෂීරපායි සත්වයෙකුගේ සපාකෑමකින්. එහෙම නැත්නම් අපේ පවතින තුවාලයක් මත ජලභීතිකාව තියෙන සතෙක් ලෙව කෑවොත්. ඒ වගේම ඇස් ආශ්‍රිතව, නාසය, මුඛය සහ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව තියෙන ශ්ලේෂ්මල පටල හරහා වුණත් තුවාලයක් නැතුව මෙය ශරීර ගත වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වෛරසය ඇඟට ඇතුළු වෙලා රෝග ලක්ෂණ මතු වෙන්න යන කාලය සති තුනක් – මාස තුනක් අතර වෙනවා. යම් කෙනෙක් ඉන්නවා සතෙකුගේ සපාකෑමකට ලක්වෙලා තවමත් ජලභීතිකා එන්නත ලබාගත්තේ නැති, දැන් කාලා සතියක් දෙකක් ගියානේ කියලා හිතන්නේ නැතුව මාස තුනක් දක්වා වුණත් අපි එන්නත ලබාදෙන්න කටයුතු කරනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories