සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කෙහෙල්බද්දර පත්මෙ නැමැත්තාගේ ගෝලයින් හත් දෙනකු T-56 වර්ගය ගිනි අවි දෙකක්, මැගසින් 2ක්, උණ්ඩ 105ක් සහ ජංගම දුරකතන 15ක් සමග ගම්පහ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන්, ගම්පහ ව්‍යාපාරික ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීම සඳහා සැලසුම් කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.