2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:39
නවතම පුවත්

රනිල් සජිත් අනුර තුන්කට්ටුවේ මුට්ටිය තියෙන්නේ IMF මුට්ටිය ඇතුළේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් නියත ලෙසම ජනතාව පරාජයට පත්වන බව ළහිරු වීරසේකර පවසනවා.ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ජන අරගල සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් සභාව පිහිටුවීමේ හමුවක් අමතමින්.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, ජන අරගල සන්ධානය ජයග්‍රහණය කිරීම යනු අරගලයේ අභිලාෂයන් ජයගැනීම වන බවයි.එමෙන්ම ජන අරගල සන්ධානය ජයග්‍රහණය කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහි වැඩපිළිවෙළ බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියා.

”රනිල් වික්‍රමසිංහ කියන එක ජනතාවගෙ ප්‍රතිපත්තිය වෙනවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම් එයාගෙ ප්‍රතිපත්තිය හදන්නෙ.සජිත් ප්‍රේමදාස කියන එක ජනතාවගෙ ප්‍රතිපත්තිය වෙනවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම් එයාගෙ ප්‍රතිපත්තිය හදන්නෙ.අනුර කුමාර දිසානායකලා කියන එක ජනතාවගෙ ප්‍රතිපත්තිය වෙනවද IMF එකෙන් ඉවත් වෙන්නෙ නෑ කියලා ඒගොල්ලන්ගෙ ප්‍රතිපත්තිය හදද්දි.අනිත් ඉන්න අය ගැනත් ඊට වඩා කියන්න දෙයක් නෑ. ඒ ඔක්කොම එක වල්ලෙ පොල්. ඒ ගොල්ලො ඔක්කොම නියෝජනය කරේ ඒක.රනිල්ගෙ අතේ තියෙන මුට්ටියත්, සජිත්ගෙ අතේ තියෙන මුට්ටියත්, අනුරගෙ අතේ තියන මුට්ටියත් ඔක්කොටම පිටිපස්සෙ ලොකු මුට්ටිය තියාගෙන බෙදන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල.ගොඩක් අය අපෙන් අහනවා ජන අරගල සන්ධානයට දිනන්න පුළුවන්ද. අපි කියනවා ඔව් අපි දිනනවා.අපි දිනන්නේ අරගලයේ අභිලාෂයන්ට පක්ෂපාතීත්වය. අපි දිනන්නේ ලෝකෙ පුරා ප්‍රතික්ෂේප වන ලෝකෙ පුරා තවදුරටත් ණය දීලා රටවල්වලට, රටවල් ණය අර්බුදයට යවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහි වැඩපිළිවෙළ තමයි අපි ජයග්‍රණය කරන්නෙ.අපි රැළිවලට අහුවෙන්න කැමති නෑ. රැල්ල තියෙන්නෙ IMF එකට විරුද්ධව නම් අපි අත් දෙකම උස්සනවා.රැල්ල තියෙන්නෙ ජනතාව දිනවන වමේ වැඩපිළිවෙළට නම් අපි අත් දෙකම උස්සනවා.ජනතාව පරදින එක නියතයි.මොනව හරි ජයග්‍රහණයක් ගන්න නම් මේ මැතිවරණ වේදිකාවෙන් පස්සෙ ,මැතිවරණ සංදර්ශනවලින් පස්සෙත් අපිට ඉතුරු වෙන්නෙ මෙන්න මේ ජනතාවගෙ ප්‍රතිපත්තිය.ජනතාවගෙ ප්‍රතිපත්තිය අරගෙන තමයි ජනතාවගෙ බෝපගේ ජනතාවගෙ අපේක්ෂකයා ජන අරගල සන්ධානයෙන් කුඩේ ලකුණෙන් ඇවිල්ලා ඉන්නෙ…”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories